Thursday, November 17, 2016

මගේ හයිකු ව


මේරු රෑනක්
රන් ගෑ පහනක
වටේ නටති

කවියද? ඔව් තේරුමක් නෑ. තේරුමක් නැති ජීවිතේකින් තේරුමක් ඇති දෙයක් කියවෙන්න බෑනෙ. ඔව් මන් දැක්කා මේරු රෑනක් රන් ගෑ පහනක වටේ දුවනවා මත් වෙලා වෙන්න ඇති එළියට. කව්ද කිව්වෙ උඹලට උන් පිච්චෙනවා කියලා. උන් පිච්චෙන් නෑ වටේ දුවලා මහන්සි වෙලා හති දමාවි එච්චරයි. පිච්චුණු තටු අළු වෙලත් ඉවරයි.ඉතින් මොනවද උන්ගෙ පිච්චෙන්න තියෙන්නෙ.
                                                       කියවන්න උත්සහ කරපන් උන්ගෙ ජීවිතෙත්, කියවන්න බැරි නම් අඩුම ගානේ ඒ වෙලාව වෙන් කරගනින් උබේ ජීවිතේ කියවන්න, අනුන්ගේ නිරුවත හොයන්න ඉස්සෙල්ලා දැනගනින් උඹේ නිරුවත ඊටත් වඩා අපුලයි කියලා
                                                 උන්ගේ කතාව වැඩක් නෑ කෙල්ලෙ උඹ පරිස්සමින් ඉදහන්. මන් දන්නවා උබේ පරිස්සම් කරන්න දෙයක් නෑ කියලා.ඒත් පරිස්සමින් ඉදපන්. ඔය ආදරේ,මුදු , මාල, සීත රීයෙ සුවපහසුව උබ ගැන හිතලම නෙවෙයි, මොකක්? ඔව් උන්ට සල්ලි වලට උබටත් වඩා හොද එවුන් ගතෑකි තමයි ඒත් තේරුම් ගනින් මිනිස්සු කැමතියි සල්ලි මිශ්‍ර නැති ආදරේ සල්ලි වලට ගන්න.නෑ ඇත්තටම ආදරේ නෙවෙයි උබේ ඇග. කවියද? ආ ඒකෙ තේරුමක් තියෙනවා. තේරෙන් නැද්ද.? තේරුම් යන විදියට කියන්නද?



නිමිත්ත:
මා යන දුම්රිය තූල අතිශය රූමත් පෞද්ගලික අංශයේ තුරුණු විය ඉක්මවමින් සිටින තරුණියක් වීය. ඇය හාදකම් පැවත් වූයේ මා දන්නා හදුනන කාලයේ සිටම ඉහළම පාන්තික පෙම්වතුන් සමගය. සැකෙවින් කිවහොත් ඇය වනාහී අපේ උන්ගේ නිර්වචනයට අනුව සල්ලි වලට රෙද්ද ඉස්සු අයෙකි. මා දැනුවත්වම එවන් දෙදෙනෙකු සමග පමණ ඈ හට සිට ඇත. එමෙන්ම ඇය විවාහ වී පසුව වෙන්වුණු තැනැත්තියක් බව දැනගතිමි.

               ඇය සතු කැපී පෙනෙනම ලක්ෂ්‍යණයක් නම් දැඩි නිහඩ බවයි, අඩුම තරමේ අසුනක් ලබා ගැනීමටවත් ගැහැණූන් සුලභව ලබා දෙන කපටි සිනහා ඇයට නැත. මා ද නිහඩ බවට දැඩි ප්‍රියක් දක්වන බැව්න් හෝ රූමත් ඇය මා අවිඥ්ඥානය කියවන්නෙ කාම සැප ලබා දෙන්නියක් ලෙස නිසාදෝ මා ඇය පිළිබද බොහෝ අවස්ථාවල විමසිලිමත් වුණෙමි.
                                              දිනක් රාත්‍රී දුම්රිය බෙහෙවින් කලබලකාරීය එහෙත් යම් දෙයක් පිළිබදව ඒකාකාරිව කල්පනා කරන්නියක් සේ ඇය නිහඩය. කලබලකාරී දුම්රියේ මිතුරු හවුල් සිටිති.ඔහුන් කොක් හඩලා සිනා සෙති.ඇයට වැඩක් නැත ඇය නිහඩය, කඩලකාරයාද,වඩේ කාරයින්ද ඇය පසු කරගෙන ගියේය. නිහඩ ඇය තවමත් නිහඩය, මා සිත සියුම්ව ඇයගේ කාමුක ජීවිතය මෙසේ වෙතැයි සිතමින් මෙනෙහි කරයි. සැබැවින්ම කාම ධේනුවකට ඔබින අග පසග ඇය සතුය.
                                             මා සිත අපුල ලෙස ඇයගේ චරිතය විමසයි. ඔව් සැබවින්ම ඇය බඩුවකි කසාදයවත් හරියට තියාගන්න බැරි උන බඩුවකි. මොහතකින් පැම්ණී පොත් වෙළන්දෙකි, ඔහු සිගිත්තන් සදහා වූ  චිත්‍ර කතා පොතක් ගැන දෙසයි. නිහඩ ඇය ක්ෂණයෙන් වෙළන්දාගේ විචාරය දෙස නෙත් යොමමින් බලා සිටියාය, ඉක්බිතිව බෑගයට අත දමමින් ගත් මුදලින් ඉන් පොතක් මිළදී ගත්තාය.
                                                                    මාගේ සිත නැවතුණාය, සැබැවින්ම ඒ මගේ අම්මාය, ඇයද කොහේ හෝ ගොස් එනවිට ගෙනා චිත්‍ර කතා පොත් මා ඇකයට ගෙන කියා දුන්නා මතකය, ඉන් එක පොතක වූ මුතු පබළු සොරකම් කළ උකුස්සාගේ කතාව රස්තියාදුකාරයාට තාමත් මතක ය.
                                                    සුන්දරිය මට සාමාවෙන්න, නුඹත් මගේ අම්මා මෙන් නූඹේ පුතුට හෝ දුවට ආදරය කරනවා ඇත. මා යටි සිත පහස ලද ඇකයේම ඔහුන්ද නැලවෙනවා ඇත.මා කියෙව්වේ ඔව්හු නුඹ ගැන කියූ කියවීමය,ඉදින් නුඹවන් මවකගේ ස්නේහය කියවීමට අමතක වුණි.සැබවින්ම මට මා ගැනම පිළිකුල්ය.  කිසිදිනකවත් මා නොදැන සිටියෙමි සුන්දරිය නුඹත් මගේ අම්මා ම වන් කෙනෙකු බව. ඉදින් මා කියව්වේ  නුඹේ නිරුවත නොව නුබ වන් මවක් බඩුවකට සමානකොටගත් මා වැන්නවුන්ගේ ගල් ගසා මැරිය යුතු නිරුවතය.......
                                             
                                 

No comments:

Post a Comment