Monday, October 31, 2016

ශ්‍රී සුමන සමන් දෙවියන් සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ

බෞද්දයින්ගේ අති සංවේදී පූජණීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය අවට රක්ෂිතය මේ වන විට හෝටල් කර්මාන්තය උදෙසා වන ඉදිකීරිමක් සදහා විකුණා ඇති බව අපි සැවොම දන්නා කරුණකි. ඊට අප විරුද්ධ විය යුත්තේ බෞද්ධාගමික පදනමකින්ම නොවිය යුතුය.මන්දයත් ඕක විකුණපු එවුන්ට මෙන්ම මිළදී ගත් එවුන්ටද ආගමක් අවශ්ෂ්‍ය නැත. ජායාරූප වල සිටි මරක්කල උන්දැලෑද ෆුල් ඇරබියන් කිට් මරා සිටියද දවසකට කැතලික් බඩු හත අට පාවිච්චි කරන්නෝ වෙතැයි සිතමි.උන්ට දෙවියෝ කීවද නැතද උන් ඒවා කරති. එය විකිණපු සිංහළ අමු බෞද්දයෝ ද එපමණකි.
                                        ශ්‍රී පාද විහාරස්ථානධිපති ස්වාමින් වහන්සේ ඉකුත් දිනයකදී මාධ්‍ය සාකච්චාවක් පවත් වමින් කී අමුතුම කතාවෙන් කියවුනේ උන්වහන්සේ ප්‍රමුඛව ශ්‍රී පාදස්ථානය බොහොම දාඩිය මහන්සියෙන් ගොඩ නැගූ බවයි.අහෝ දුකකි තිතකි.........අඩියක් අඩියක් ගානේ සමන් දෙවියන් විකුණාගෙන කමින් මිනිසුන්ගෙන් සල්ලි අන්තිම තුජ්ජ ආකාරයට ගසා ගෙන කන ශ්‍රී ලංකාවේ පහත්ම ආකාරයේ පරිපාලනයක් ගෙනයන්නෙ උන් වහන්සේගේ අඩවියේය.
                               කිරිකොඩු,දඩු කෝඩු යැයි කියමින් සමන් දෙවියන්ගෙන් ආශිර්වාදයක් නොමැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් සමන් දෙවියන් දඩුවම් කරතැයි පවසා අහිංසක බැතිමතුන් බය කොට සල්ලි ගරා ගනිති.එහෙත් සමන් දෙවියන්ට අර මරක්කල උන්දැලට මොකුත්ම කරන්ට බැරි විය. සැදැහැවත් සිංහළ බෞද්දයන්ගෙන් කුඩා ඇවඩක් වුවත් දඩුවම් දෙන සමන් දෙවිදූගේ තේජස ඔහුන්ට නොපෙන්වන්නේ ඇයි දැයි නොදනිමි. අනෙක් කාරණය සෝවාන් ඵලය ලබා ගත් සමන් දෙවිදුන් මිනිසුන්ට දඩුවම් දෙන ආකාරය මා නොදනිමි.නමුත් ඒ ක්‍රමය උන්වහන්සේලා දන්නවා විය යුතුය.තවද භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව තව තැනක පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහායැයි කියමින් පිරිත් නූල් විකුණයි.කහ නූල රුපියල් පනහකි,රතු නූල රුපියල් හැත්තෑවකි,සුදු නූල රුපියල් සීයකි මේවාද උන්වහන්සේගේ අප්‍රතිහත කැප කිරීම් තුළින් එලිදැක්වූ අලෙවිකරණ සංකල්ප විය යුතුය. නමුත් උඩ මළුවට යනතෙක් සිද්ධාලේප වෙදමහත්යත්.වෙන්ඩෝල් වෙදමහත්යත්,මහජන බැංකුවත්........ ආදී ව්‍යාපාරිකයින් හැර විහාරස්ථානය කළ ප්‍රතිසංස්කරණයක් දක්නට නැත.
                                               දැන් උන්වහන්සේ ගහන්නේ අමුතුම බෙරයකි උඩ මලුවේ ඝාන්ඨාරයට පවා කෙළිනකම් බලා සිටි උන්වහන්සේට ශ්‍රී පාදය අවට ඇති අති සංවේදී ජෛව විවිධත්වයක් සහිත පරිසරයට හානියක් වුවද කම් නැත. ඉන් ශ්‍රී පාදස්ථානයට වන හානියටද කම් නැත. ඒවා උන් වහන්සේට අදාළ නැත. 
                                                   ඉකුත් දිනකදී උන්වහන්සේ මාධ්‍ය සාකච්චාවේදී උන්වහන්සේගේ හැසිරීම අතිශය පහත්ය. මිස දුටු ජාතියකට ධර්මය හෙළිකොට දුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටද මිස දුටු ආකල්ප මුසුකොට උන්වහන්සේ කරනා ආගමික පරිහාණියද ඊටත් වඩා පහත්ය.මන්ද මිනිසුන් ධර්මය ලෙස දකින්නෙ අනාගථයේදි  දේව සංකල්ප වලින් පිරුණු බිල්ලන් මිස.බුදුරජාණන් වහන්සේ දේශිත සද්ධර්මයේ හරය නොවේ.

සැ.යු.- ඉකුත් දිනයකිදී ශ්‍රී පාදස්ථාන විහාරාධිපති ස්වාමීන්ගේ මාධ්‍ය සාකච්චාව නැරබීමෙන් අනතුරුව මෙසේ ලිවීමට සිත් වූ අතර. ඇති වෙමින් පවතින විරෝධතාව ශ්‍රී පාදස්ථානයේ වැපිරෙමින් තිබෙන මිත්‍යාදෘශ්ටික ගරාකෑම් වලට විරුද්ධවද ඇති වන්නේනම් වටින්නේය.

01.11.2016
පසු සටහන - ඉහත පෝස්ටුව කියවීමෙන් පසු මෙහි පළ වී ඇති සමහරක් වචන නුසුදුසු බව සදහන් කරමින් මාගේ ෆේස්බුක් පිටුවට මැසේජ් කිහිපයක් ඒවා තිබුණී. ඉන් එක් අයෙකු සබරගමුවේ බවත් ඔහුගේ ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයේ භාරකරු වශයෙන් සළකමින් සමන් දෙවිදුන් අදහන බවත් මේ පෝස්ටුව හරහා ඔහුගේ සිත දැඩිව පෑරුණු බවද සදහන් කලේය. රස්තියාදුකාරයා පෞද්ගලිකව ඒ සම්බන්ධව සමාව ඉල්ලමි.ඒ අනුව ඔහු සදහන් කළ තැන් කීපයක් මෙම පෝස්ටුව තුළ වෙනස් කිරීමට කටයුතු කළෙමි.
                          රස්තියාදුකාරයා සියළු"ඇදහිලි හා විශ්වාසයන්ට"ගරු කරන අතර බුදු දහම හා බැදුනු සියළුම දේව සංකල්ප වලට දැඩිව විරුද්ධ කෙනෙක්මි.එහෙත් මාගේ වචන භාවිතය මැද මාවත තුළ ගෙනයාම සුදුසුයැයි මා හට කෙටි පණිවිඩ යොමු කළ තිදෙනාගේම සංවාද වලින් පසුව තේරුම් ගතිමි.එමෙන්ම ඔහුන් දෙදෙනාගේම කාරුණික අදහස් දැක්වීම් වලට ස්තූති වන්ත වෙමි.