Wednesday, February 28, 2018

ප්‍රිය වූ නෝවුරා......


ප්‍රිය නෝවුරා
දිය නොහැකි බව දනිමි සමාව මින් මතුවට
ක්‍රෝනා මතින් ආදරය සිපගත් මා
ඔබගේ ආදරය සමාජ තත්වය නම් තිරවළල්ලෙන්
වැසුණු කලක හදුනාගත නොහැක්කක්ම විය
ආදරණීය මගේ සින්දු කිරිල්ලියේ
තේරුම් ගත්තනම් මගේ ආදරය
නොයෙමි කිසිකලක මගේ කැදැල්ලෙන්

-සදා අසරණ හිල්මන්-

සැ.යු - Henrik Ibsan කියන නොර්වේ රචකයාගේ "රූකඩ ගෙදරනම්" සිංහල පරිවර්තනයේ ප්‍රධාන චරිත අලළා පැබැදුනු ගෙතුමකි මෙය රස්තියාදුකාරයාට රචනා කොට එව්වේ ගිම්හාන් ලහිරු සොයුරා

Tuesday, January 10, 2017

කුඩයක් ඕනෙමද කෙල්ලේ හදිස්සියට තෙමෙන්නට(18+)

සීතල සුලගේ ඇවිදින් මගේ හිත අවුස්සන
තෙමුණු කෙස් ටික විත් නිරුවත් පිට වෙලාගෙන
කොට ගවුමේ දිය බ්ංදු නිරුවත් දෙපාත් සිඹගෙන
වහල් කඩත් කෙටි වුනේ හොද වෙලාවට

කිටි කිටියේ හිරවූණු තුන් හතර දෙනාටම
හිරිපොදත් ගැවුවේ මගේ සිතේ හිරි කැඩෙන්නට
ගෑවි නොගෑවී ගෑවෙන ඔය සුරත
අල්ලනමයි හිතෙන්නේ කෙල්ලේ ඉවසුවනම් ඇති දැන් හොදටම

හරි වැස්සක් නොවැ වහින්නෙ හිතුවෙවත් නැති කල
කියා විමසුවේ නූබමයි මන් හිටියේ බොරු වැදගත් කමට
ගෑවි නොගෑවි අතිනුත් ගසමින් සිනාසෙන
නුඹ නම් හරි ලස්සනයි කෙල්ලේ මත් වී මන් දැන් හොදටම

Thursday, November 17, 2016

මගේ හයිකු ව


මේරු රෑනක්
රන් ගෑ පහනක
වටේ නටති

කවියද? ඔව් තේරුමක් නෑ. තේරුමක් නැති ජීවිතේකින් තේරුමක් ඇති දෙයක් කියවෙන්න බෑනෙ. ඔව් මන් දැක්කා මේරු රෑනක් රන් ගෑ පහනක වටේ දුවනවා මත් වෙලා වෙන්න ඇති එළියට. කව්ද කිව්වෙ උඹලට උන් පිච්චෙනවා කියලා. උන් පිච්චෙන් නෑ වටේ දුවලා මහන්සි වෙලා හති දමාවි එච්චරයි. පිච්චුණු තටු අළු වෙලත් ඉවරයි.ඉතින් මොනවද උන්ගෙ පිච්චෙන්න තියෙන්නෙ.
                                                       කියවන්න උත්සහ කරපන් උන්ගෙ ජීවිතෙත්, කියවන්න බැරි නම් අඩුම ගානේ ඒ වෙලාව වෙන් කරගනින් උබේ ජීවිතේ කියවන්න, අනුන්ගේ නිරුවත හොයන්න ඉස්සෙල්ලා දැනගනින් උඹේ නිරුවත ඊටත් වඩා අපුලයි කියලා
                                                 උන්ගේ කතාව වැඩක් නෑ කෙල්ලෙ උඹ පරිස්සමින් ඉදහන්. මන් දන්නවා උබේ පරිස්සම් කරන්න දෙයක් නෑ කියලා.ඒත් පරිස්සමින් ඉදපන්. ඔය ආදරේ,මුදු , මාල, සීත රීයෙ සුවපහසුව උබ ගැන හිතලම නෙවෙයි, මොකක්? ඔව් උන්ට සල්ලි වලට උබටත් වඩා හොද එවුන් ගතෑකි තමයි ඒත් තේරුම් ගනින් මිනිස්සු කැමතියි සල්ලි මිශ්‍ර නැති ආදරේ සල්ලි වලට ගන්න.නෑ ඇත්තටම ආදරේ නෙවෙයි උබේ ඇග. කවියද? ආ ඒකෙ තේරුමක් තියෙනවා. තේරෙන් නැද්ද.? තේරුම් යන විදියට කියන්නද?

Monday, October 31, 2016

ශ්‍රී සුමන සමන් දෙවියන් සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ

බෞද්දයින්ගේ අති සංවේදී පූජණීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය අවට රක්ෂිතය මේ වන විට හෝටල් කර්මාන්තය උදෙසා වන ඉදිකීරිමක් සදහා විකුණා ඇති බව අපි සැවොම දන්නා කරුණකි. ඊට අප විරුද්ධ විය යුත්තේ බෞද්ධාගමික පදනමකින්ම නොවිය යුතුය.මන්දයත් ඕක විකුණපු එවුන්ට මෙන්ම මිළදී ගත් එවුන්ටද ආගමක් අවශ්ෂ්‍ය නැත. ජායාරූප වල සිටි මරක්කල උන්දැලෑද ෆුල් ඇරබියන් කිට් මරා සිටියද දවසකට කැතලික් බඩු හත අට පාවිච්චි කරන්නෝ වෙතැයි සිතමි.උන්ට දෙවියෝ කීවද නැතද උන් ඒවා කරති. එය විකිණපු සිංහළ අමු බෞද්දයෝ ද එපමණකි.
                                        ශ්‍රී පාද විහාරස්ථානධිපති ස්වාමින් වහන්සේ ඉකුත් දිනයකදී මාධ්‍ය සාකච්චාවක් පවත් වමින් කී අමුතුම කතාවෙන් කියවුනේ උන්වහන්සේ ප්‍රමුඛව ශ්‍රී පාදස්ථානය බොහොම දාඩිය මහන්සියෙන් ගොඩ නැගූ බවයි.අහෝ දුකකි තිතකි.........අඩියක් අඩියක් ගානේ සමන් දෙවියන් විකුණාගෙන කමින් මිනිසුන්ගෙන් සල්ලි අන්තිම තුජ්ජ ආකාරයට ගසා ගෙන කන ශ්‍රී ලංකාවේ පහත්ම ආකාරයේ පරිපාලනයක් ගෙනයන්නෙ උන් වහන්සේගේ අඩවියේය.
                               කිරිකොඩු,දඩු කෝඩු යැයි කියමින් සමන් දෙවියන්ගෙන් ආශිර්වාදයක් නොමැතිව ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් සමන් දෙවියන් දඩුවම් කරතැයි පවසා අහිංසක බැතිමතුන් බය කොට සල්ලි ගරා ගනිති.එහෙත් සමන් දෙවියන්ට අර මරක්කල උන්දැලට මොකුත්ම කරන්ට බැරි විය. සැදැහැවත් සිංහළ බෞද්දයන්ගෙන් කුඩා ඇවඩක් වුවත් දඩුවම් දෙන සමන් දෙවිදූගේ තේජස ඔහුන්ට නොපෙන්වන්නේ ඇයි දැයි නොදනිමි. අනෙක් කාරණය සෝවාන් ඵලය ලබා ගත් සමන් දෙවිදුන් මිනිසුන්ට දඩුවම් දෙන ආකාරය මා නොදනිමි.නමුත් ඒ ක්‍රමය උන්වහන්සේලා දන්නවා විය යුතුය.තවද භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව තව තැනක පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහායැයි කියමින් පිරිත් නූල් විකුණයි.කහ නූල රුපියල් පනහකි,රතු නූල රුපියල් හැත්තෑවකි,සුදු නූල රුපියල් සීයකි මේවාද උන්වහන්සේගේ අප්‍රතිහත කැප කිරීම් තුළින් එලිදැක්වූ අලෙවිකරණ සංකල්ප විය යුතුය. නමුත් උඩ මළුවට යනතෙක් සිද්ධාලේප වෙදමහත්යත්.වෙන්ඩෝල් වෙදමහත්යත්,මහජන බැංකුවත්........ ආදී ව්‍යාපාරිකයින් හැර විහාරස්ථානය කළ ප්‍රතිසංස්කරණයක් දක්නට නැත.
                                               දැන් උන්වහන්සේ ගහන්නේ අමුතුම බෙරයකි උඩ මලුවේ ඝාන්ඨාරයට පවා කෙළිනකම් බලා සිටි උන්වහන්සේට ශ්‍රී පාදය අවට ඇති අති සංවේදී ජෛව විවිධත්වයක් සහිත පරිසරයට හානියක් වුවද කම් නැත. ඉන් ශ්‍රී පාදස්ථානයට වන හානියටද කම් නැත. ඒවා උන් වහන්සේට අදාළ නැත. 
                                                   ඉකුත් දිනකදී උන්වහන්සේ මාධ්‍ය සාකච්චාවේදී උන්වහන්සේගේ හැසිරීම අතිශය පහත්ය. මිස දුටු ජාතියකට ධර්මය හෙළිකොට දුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටද මිස දුටු ආකල්ප මුසුකොට උන්වහන්සේ කරනා ආගමික පරිහාණියද ඊටත් වඩා පහත්ය.මන්ද මිනිසුන් ධර්මය ලෙස දකින්නෙ අනාගථයේදි  දේව සංකල්ප වලින් පිරුණු බිල්ලන් මිස.බුදුරජාණන් වහන්සේ දේශිත සද්ධර්මයේ හරය නොවේ.

සැ.යු.- ඉකුත් දිනයකිදී ශ්‍රී පාදස්ථාන විහාරාධිපති ස්වාමීන්ගේ මාධ්‍ය සාකච්චාව නැරබීමෙන් අනතුරුව මෙසේ ලිවීමට සිත් වූ අතර. ඇති වෙමින් පවතින විරෝධතාව ශ්‍රී පාදස්ථානයේ වැපිරෙමින් තිබෙන මිත්‍යාදෘශ්ටික ගරාකෑම් වලට විරුද්ධවද ඇති වන්නේනම් වටින්නේය.

01.11.2016
පසු සටහන - ඉහත පෝස්ටුව කියවීමෙන් පසු මෙහි පළ වී ඇති සමහරක් වචන නුසුදුසු බව සදහන් කරමින් මාගේ ෆේස්බුක් පිටුවට මැසේජ් කිහිපයක් ඒවා තිබුණී. ඉන් එක් අයෙකු සබරගමුවේ බවත් ඔහුගේ ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයේ භාරකරු වශයෙන් සළකමින් සමන් දෙවිදුන් අදහන බවත් මේ පෝස්ටුව හරහා ඔහුගේ සිත දැඩිව පෑරුණු බවද සදහන් කලේය. රස්තියාදුකාරයා පෞද්ගලිකව ඒ සම්බන්ධව සමාව ඉල්ලමි.ඒ අනුව ඔහු සදහන් කළ තැන් කීපයක් මෙම පෝස්ටුව තුළ වෙනස් කිරීමට කටයුතු කළෙමි.
                          රස්තියාදුකාරයා සියළු"ඇදහිලි හා විශ්වාසයන්ට"ගරු කරන අතර බුදු දහම හා බැදුනු සියළුම දේව සංකල්ප වලට දැඩිව විරුද්ධ කෙනෙක්මි.එහෙත් මාගේ වචන භාවිතය මැද මාවත තුළ ගෙනයාම සුදුසුයැයි මා හට කෙටි පණිවිඩ යොමු කළ තිදෙනාගේම සංවාද වලින් පසුව තේරුම් ගතිමි.එමෙන්ම ඔහුන් දෙදෙනාගේම කාරුණික අදහස් දැක්වීම් වලට ස්තූති වන්ත වෙමි.

Sunday, August 21, 2016

සහෘදයා සුභ උපන්දිනයක්

අද උදේම විශ්මි ඇවිල්ලා මගෙන් ඇහුවා අද මදුසංක අයියගේ බර්ත් ඩේ එක නේද කියලා. උබ කොහොමත් දන්නවා මට ඕවා මතක නෑ කියලා. බුකියට ගිහිල්ලා බැලින්නම් වැඩේ ඇත්ත.මට මතක් උනා උබ අද  ඔෆිස් එකේ හිටියනම් මොන වගේ ද කියලා. ඇත්තමයි බන් කියන්නේ උබ නැතිව ගොඩක් පාළුයි. ඒත් උබ රට ඉදන් කෝල් එකක් ගත්තම මන් නම් කියන්නේ උබ නෑයි කියලා ගානක්වත් නෑ බන් කියලා. උබ නැති හින්දමද කොහෙද වැඩ ටිකත් හොදට වෙනවා කියලා.
                                                      හැමදාමත් වගේ උබ හරි සහෝදරයා ජීවිතේ හරිම සින්තැටික්.විදේශයක ජීවත් වෙන උබට සුභ උපන්දිනයක් කියලා viber කරද්දිත් හිතටත් නිකන් මොකද්ද වගේ බන්.වෙනදටනම් උබේ වචනෙන්ම කියනව වගේ ලාවට මොකක් හරි කරලා යහපාලනයෙන් පටන් අරන් රුසියානු විප්ලවේ වෙනකම් කතා කරලා නදීක ගුරුගේ ගේ සංගීතයේ ව්ශ්වකර්ම තැන් ගැනත් කතා කරන්න තිබ්බා.ඇයි වික්ටර් රත්නායකගේ සුගායනයට මුසු වුනු ප්‍රේම කිර්තියන්ගේ පදවැල්, ඔක්කොටමත් වැඩිය ලෝක අර්ථික අර්බුදය හා පෙට්ටි කඩේ ප්ලේන්ටියේ පාලන මිල. හැමදාම ලයින් දාන HSBC එකේ බැදපු අක්කිගේ(උබට නංගි) චීස් පාට සුන්දර ලලිත සිරුර, කොදෙව්වන්ගේ ලිංගිකත්වය හා එන්රීකෙ කොල්ලගේ බ්‍රා එක....... තවනම් කොච්චරක් දේවල්ද ඔව් බන් උබ හරි බැදීම් විරහිත සින්තැටික් ලෝකෙ මනුස්සකම් ගැන හොයන්න පුළුවන් වුනේ උබලා වගේ කීප දෙනෙක් රැකියාව කරන තැන උන්නු නිසා. අයෙත් ලංකාවට ආවම ජීවිතේ ගැන කතා කරමු.වැරදුනු තැන් බෙදා ගමු. ජීවිතේ රහ අයෙත් ඇහිදිමු.ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් තමයි.ඒත් ප්‍රාණසම සහෘදයෙකුගෙන් කෙටි කලකට හරි වෙන් වී සිටීම???? නිර්වචනයත් හැගීම් විරහිතයි බන්..............මට මතක් වෙනවා බන් හරියටම උබ රට යන්න ඉස්සෙල්ලා දවසේ වෙච්චි සිද්දියක්. ඒ උබ ඔෆිස් එකේ හිටපු අන්තිම පැය වගෙ. උබ හිටියෙ මොකක් හරි වැඩක් කර කර......එතකොට අපිත් එක්ක ඉන්න අක්ක කෙනෙක් කිව්වා

"මදුසංක ලතීශාට මගේ නම්බරේ දීලා හදිස්සියක් උනොත් කෝල් කරන්න කියන්න"

"හා හා"

ලතීශා කියන්නේ උබේ වයිෆරේනේ ඊට පස්සෙ අනිත් අක්කත් ඒකම කිව්වා
"මදුසංක ලතීෂට මගේත් නම්බරේ දීලා හදිස්සියක් උනොත් කෝල් කරන්න කියන්න"

"හා හා"

ඊට පස්සෙ මගෙ වාරේ
"මදුසංක අයියේ මගේ නම්බරේ නම් මන් පස්සෙ ශේප් ඒකේම දීගන්නම්, කියන්න බෑනෙ ලතීශාට හදිස්සියක් වුනොත් එහෙම"

උබ ඒ වෙලාවෙ 
"හා හා බන්" කියලා වැඩි තේරුමක් නැතිව කිව්වා.ඊට පස්සෙ වැඩේ තේරිලා අර අතේ මැද ඇගිල්ලක් පෙන්නලා මොකද්දෝ එකක් කරා.
                                                   අන්තිම දවසේ අන්තිම වෙලාවෙ පවා උබ ඉන්න තැන කම්මැලිකමක්  දැනුන් නැත්තේ ඒ විදියට බන්. ඇත්තම කිව්වොත් උබ වගෙ එවුන් වටේ ඉන්න හින්දම ජීවිතේ හුගක් සොදුරු විදියට දැනෙනවා මචං............ඉක්මණටම වරෙන් සහෝදරයා ජීවීතේ රහ බෝතලයක් වටේ ඉදගෙන දෙතුන් දෙනත් එක්ක ඇහිදින්න. ඔය උඩින්ම දාපු කවිය උබට. සුභ උපන්දිනයක් ප්‍රාණසම සහෘදයා.......................